FAST NEWS

24×7 Around the Globe

ලෙබනනයේ රැඳී සිටින ලාංකිකයින්ට ලැබන විශේෂ නිවේදනය මෙන්න…

නීත්‍යානුකූල නොවන ලෙස ලෙබනනයේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා එරට රජය මගින් පොදු සමා කාලයක් ලබාදී තිබේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම කාලය තුළ දී ලෙබනනයේ අනවසරයෙන් රැදී සිටින 400කට අධික මෙරට ශ්‍රමිකයින්ට යළි දිවයිනට පැමිණිය හැකි බවයි.

එම කාලය තුළ ශ්‍රමිකයෙකු සිරභාරයට ගැනීම හෝ රදවා තබා ගැනීම සිදුනොවනු ඇති.