FAST NEWS

24×7 Around the Globe

ලාදුරු යළි පැමිණෙයි ? බස්නාහිර අවදානමේ !

බෝවන සහ නොවන දෙවර්ගයට ම අයත් රෝගයක් ලෙස සැලකෙන ලාදුරු රෝගය වැළඳුනු රෝගීන් 1900ක් පමණ පසුගිය වසර වන විට වාර්තා වී ඇති අතර එයින් 42% ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ප‍්‍රියන්ත කරුණාරත්න මහතා පැවැසීය.

මේ ලාදුරු රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 15 ට අඩු ළමා රෝගීන් බවද වාර්තා වේ.

මෙම රෝගයේ මුලික හඳුනාගැනීම ලෙස දදයක්, පැල්ලමක් හෝ ගැටිත්තක් වැනි දෙයක් සමේ හට ගැනීම දැක්විය හැකි අතර මෙය කිසිඳු වේදනාවක් හෝ කැසීමක් පෙන්නුම් නොකර හෝ තිබිය හැකිය.

මීට අමතරව කන්පෙති හා ශරීරයේ සම ඝන වීමත්, නොකඩවා හිරි වැටීම් තිබීම මූලික ලක්‌ෂණ ලෙස සැළකීමට හැකි බවද සදහන්ය.

ලප පහකට අඩුවෙන් පවතී නම් ඒ බෝ නො වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌ වන අතර ලප පහකට වඩා වැඩි නම් බෝ වන වර්ගයේ ලාදුරුවල ලක්‌ෂණයක්‌ වීමේ ඉඩකඩක් පවතියි.