FAST NEWS

24×7 Around the Globe

දිඹුලාගල කන්දට ආවේ පිටසක්වල ජීවීන්?- තහවුරු වෙන හැටි මෙන්න…

ඵෙතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි දිඹුලාගල කන්දට අද (27) අළුයම 1.00ට පමණ අහසින් ආලෝක ධාරා රැසක් පහත් වුණු බව එම සිද්ධිය ඇසින් දුටු එම ප‍්‍රදේශයේ කුඹුරු රකිමින් සිටි ගොවීහු පවසති.

නිල්, කහ හා රතු වර්ණවලින් පැමිණි එම ආලෝක ධාරා දිඹුලාගල කන්දේ අහස් මාළිගාව පිහිටි ප‍්‍රදේශයට පහත් වී එක්වරම නොපෙනී ගිය බව එම ගොවීහු වැඩි දුරටත් සඳහන් කරති.

දිඹුලාගල කන්ද අවට ප‍්‍රදේශය පිටසක්වල ජීවීන්ගේ නවාතැන්පොළක් බවට ජනවහරේ කතාවක් පවතින බවට මේ පිළිබඳව අදහස් දක්වමින් දිඹුලාගල මහා කාශ්‍යයප පිරිවෙනේ පරිවේණාධිපති මාදුරුඔය විජිතාලංකාර හිමියෝ සඳහන් කළහ.

එසේම පසුගිය කාලයේ මෙම ප‍්‍රදේශයට පිටසක්වල ජීවීන් පැමිණි බවට සාක්ෂි තිබෙන පවද උන්වහන්සේ සඳහන් කළහ.

ජාත්‍යන්තර අභව්‍යාකාශ මධ්‍යස්ථානයට පසුගිය සතිවල පිටසක්වල යානා නිරීක්ෂණය වී ඇති බවත්, දිඹුලාගලට පැමිණෙන්නට ඇත්තේ එම යානා විය හැකි බවට විශ්වාස කළ හැකි බව තාරකා ජීව විද්‍යා ගවේශක කීර්ති වික‍්‍රමරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය.