FAST NEWS

24×7 Around the Globe

රාජපක්‍ෂ රජයේ ව්‍යාපෘති සක්‍රීය කිරීමට සිදුව ඇත්තේ එජාපයටයි…

දක්‍ෂිණ අධිවේගී මාර්ගයට මුල් ගල් තබන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් බව ඇමති ගයන්ත කරුණාතාලක මහතා පැවැසීය.

දකුණේ ක‍්‍රියාත්මක යම් සක‍්‍රිය ව්‍යාපෘතියක් වේද ඒවා ආරම්භ කරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවලින් බවද ඇමතිවරයා ජනහමුවක් අමතමින් පවසා සිටියේය.

හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපල, සුරියවැව ක‍්‍රිඩාපිටි ආදී සුදු අලි ව්‍යාපෘති මහින්ද රාජපක්‍ෂ රජය විසින් ආරම්භ කලද ඒවා සක‍්‍රීය ව්‍යාපෘති කිරීමට සිදුව ඇත්තේද එජාපයට බව ඔහු එහිදී වැඩිදුරටත් කීය.