හොලිවුඩයේ සම්මානනීය ජනප්‍රිය නළු බිල් පැක්ස්ටන් මෙලොවින් සමුගෙන ඇති අතර මියයනවිට ඔහුගේ වයස අවුරුදු 61 කි.
‘ප්‍රෙඬේටර් 2’, ‘ඒලියන්ස්’, ‘ටයිටැනික්’, ‘ඇපලෝ 13’ වැනි චිත්‍රපට හරහා බිල් පැක්ස්ටන් ජනප්‍රිය වුවත්, ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළ ‘ට්විස්ටර්’ චිත්‍රපටය අතිශයින් ජනප්‍රිය විය.
බිල් පැක්ස්ටන් සැත්කමකට භාජනය කෙරුණු බවත්, සැත්කමින් පසු ඇති වූ සංකූලතාවක් හේතුවෙන් පැක්ස්ටන් දිවියෙන් සමුගත් බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.
එසේම දෙවරක් විවාහ වූ ඔහු දෙදරු පියෙක් වන අතර බිල් පැක්ස්ටන් ඇමෙරිකන් රූපවාහිනී කතාමාලාවලට ද සම්බන්ධ වූ අයෙකි.
(රොයිටර්)










