FAST NEWS

24×7 Around the Globe

ශ‍්‍රීලනිපය දෙකඩ කරන මහින්දගේ අලුත්ම වෑයම ගැන මහින්ද කියයි…

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ එජාපය සමග එක් වී ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට සූදානම් වන බව ඇමති මහින්ද අමරවීර හම්බන්තොට කසාගලදී පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

‘ඉස්සර හැම එකකටම ‘යර්ස් සර්’ කියාගෙන ඉන්න තිබුනේ. දැන් සිරිසේන ජනාධිපතිතුමා යටතේ ලොකු නිදහසක් අපට තියෙනවා. හිටපු ජනාධිපතිතුමා එජාපය සමග ඇතිකරගත් ඩිල් එකක ප්‍රතිඵලයක් විදියට තමයි නව පක්ෂයක් හදලා ශ්‍රිලනිප දෙකඩ කරන්න හදන්නේ.

එසේම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිතුමා ගිය සතියේ සිංගප්පුරු ගිය අවස්ථාවක අගමැති රනිල් සමග රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා විය.