FAST NEWS

24×7 Around the Globe

ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි..

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන මාසයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වී යනු ඇතැයි වාර්තා වේ.

 කෙසේවුවද, ඇන්ජලෝ මැතිව්ස් එක්දින තරගාවලිය අතර මැදදී ශ්‍රී ලංකා පිලට එක්වීමට නියමිත බව පැවසේ.

 ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති විස්සයි:20 තරගාවලියේදී පාදයේ කළව පසුපස ආබාධයකට ලක්වූ මැතිව්ස්ට සති කිහිපයක් විවේකය අවශ්‍ය වීම නිසා ඔහු සියරට පැමිණියේය.