FAST NEWS

24×7 Around the Globe

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලොකු පුටුවක්..

ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එජාපයේ නියෝජ්‍ය නායක ධුරයක් ලබා දීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්ව තිබෙන බව ෆොන්සේකා මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම නව පත්කිරීම ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන සිදු කෙරෙන පක්ෂ ප්‍රවර්ධන කටයුතුවලට සමගාමීව සිදු කරන්නක් බවත් උතුරු නැගෙනහිර යුද්ධයේ දී පොදු ජනතාවගේ වීරයා ලෙස උත්කර්ෂයට නැංවුණු සරත් ෆොන්සේකා මහතාට එජාප මැතිවරණ ව්‍යාපාරය තුළ දී ඊට සාධනීය දායකත්වයක් සැපයිය හැකි බවත් එජාප නායකත්වය විශ්වාසය පළ කර තිබේ.

එජාපයේ තනතුරු ධුරාවලිය අනුව නායකයාට පසුව නියෝජ්‍ය නායක ධුරයක් ඇති අතර මේ වන විට එම ධුරයට තේරී පත්ව සිටින්නේ නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ය.

නියෝජ්‍ය නායක තනතුරට පහලින් උප නායක ධුරයක් ඇති අතර එම තනතුර මුදල් ඇමැති රවී කරුණානායක මහතා හොබවයි.