එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ස්වයං චරිතාපදාන කෘතියක් එළිදැක්වීමට යන බව සමීපතම ආරංචි මාර්ග පවසයි.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයෙකු වන චතුර සේනාරත්න මහතා 2015 පැවති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අතුරලියේ රතන හිමියන් විසින් නායකත්වය දුන් පිවිතුරු හෙටක් ව්‍යාපාරය ගොඩනැගීමට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නෙකි.
කෙසේවුවද මෙම කෘතිය එළිදැක්වීමෙන් පසු චතුර සේනාරත්න මහතා ශ්‍රී ලංකාවේ ස්වයං චරිතාපදාන කෘතියක් එළි දැක්වූ ලාබාලතම දේශපාලඥයා වනු ඇති.
විජය කුමාරතුංග මහතාගේ දේශපාලන ව්‍යාපාරයට තමා ලබාදුන් දායකත්වය සම්බන්ධව ඉදිරිපත් කළ ඇතැම් අදහස් නිසා ඔහු සාමාජ මාධ්‍යජාල තුළ දැඩි කතාබහට ලක් වූ අතර ඇතැමුන් පැවසූයේ එම අදහස් ඔහු ගොතා ඉදිරිපත් කරන ඒවා බවයි.
1986 දී විජය කුමාරතුංග මහතා වෙනුවෙන් පෙර පාසළේදී පෙර පාසල් රැළියක් පැවැත්වූ බව ප්‍රකාශ කරන හෙතෙම 1987 දී විජය කුමාරතුංග සමඟ තහනම් මැයි දින රැළිය සහභාගී වූ බව බීබීසී සංදේශය ෆේස්බුක් පිටුව මඟින් සිදුකළ සජීවී සාකච්ඡාවක් අමතමින් කියා සිටියේය.
කෙසේ වුවද එ්වන විට ඔහු වයස අවුරුදු පහක් පමණ දරුවෙකි.
සේනාරත්න මහතාගේ මෙම කෘතිය තුළින් 80 දශකයේ සිට වර්ථමානය දක්වා වූ කාලය තුළ තරුණ දේශපාඥයෙකුගේ අත්දැකීම් හෙළි කරනු ඇතැයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග පවසයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ චතුර සේනාරත්න මහතා කොළඹ වෛද්‍ය පීඨයට බැදුණු අතර එහිදී ඔහුට ඔහුගේ උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.