බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්‌ට් සහ එක්‌දින තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්‌කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
අදාළ වෙනස්‌කම් සිදුකරනු ලබන්නේ එංගලන්ත “ඒ” තරගාවලිය සහ බංග්ලාදේශ කණ්‌ඩායම සමග පැවැත්වෙන දෙදින පුහුණු තරගයෙන් අනතුරුව බවද වැඩිදුරටත් සඳහන් වේ.
බංග්ලාදේශ පිල ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එහිදී ටෙස්‌ට් තරග දෙකක්, එක්‌දින තරග තුනක් සහ විස්‌සයි විස්‌ස තරග දෙකකට සහභාගි වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශ තරගාවලියේදී නායකත්වය දරන අතර දකුණු අප්‍රිකානු සංචාරයේදී අසාර්ථක වූ ක්‍රීඩකයන් “ඒ” තරගාවලියේදීත් අසාර්ථක වුවහොත් ඒ වෙනුවෙන් නවක ක්‍රීඩකයන්ට අවස්‌ථාවක් ලැබීමේ වැඩි අවස්‌ථාවක් පවතී.
මේ දිනවල පැවැත්වෙන එංගලන්ත “ඒ” කණ්‌ඩායම සමග තරගවලදී දක්‍ෂතා දක්‌වන ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රිමියර් තරගාවලියේදී දක්‍ෂතා දැක්‌වු ක්‍රීඩකයන්ට සංචිතවලට සහ පුහුණු තරගවලට එක් කරමින් ජාතික කණ්‌ඩායමට එක් කිරීමේ පටිපාටිය වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සිදුකරමින් සිටියි.
මෙ අකර 2000 වසරේදී ටෙස්‌ට් වරම් ලැබූ බංග්ලාදේශ පිල සියවැනි ටෙස්‌ට් තරගයට ශ්‍රී ලංකාවේදී සහභාගි වේ. ලබන මස 15 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශ කණ්‌ඩායම සියවැනි ටෙස්‌ට් තරගයට සහභාගි වේ.
බංග්ලාදේශය ශ්‍රී ලංකාව සමග ටෙස්‌ට් තරග 16 කට සහභාගි වී ඉන් තරග 14ක්‌ම පරාජය වී ඇති අතර තරග දෙකක් පමණක් විසඳුමකින් තොරව නිමාවී තිබේ.
තරග කාල සටහන
මාර්තු 2-3 පුහුණු තරගය (මොරටුව)
මාර්තු 7-11 පළමු ටෙස්‌ට් තරගය (ගාල්ල)
මාර්තු 15-19 දෙවන ටෙස්‌ට් තරගය (පී.සරා)
මාර්තු 25 – පළමු එක්‌දින තරගය (දඹුල්ල)
මාර්තු 28 – දෙවන එක්‌දින තරගය (දඹුල්ල)
අප්‍රේල් 01 – තෙවන එක්‌දින තරගය (එස්.එස්.සී)
අප්‍රේල් 4 – පළමු විස්‌සයි විස්‌ස තරගය (ආර්.ප්‍රේමදාස)
අප්‍රේල් 6 – දෙවන විස්‌සයි විස්‌ස තරගය (ආර්.ප්‍රේමදාස)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.