FAST NEWS

24×7 Around the Globe

කරුණා මරන්න ගිය හිටපු කොටියා අල්ලයි..

හිටපු ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මඩකලපුව ප්‍රදේශයේ කෝවිලකට ගොස්‌ සිටියදී ඔහුගේ ගෙල මිරිකා මරා දැමීමට තැත් කළ හිටපු කොටි සාමාජිකයකු ඊයේ (23 වැනිදා) අලුයම ටී 56 ගිනි අවියක්‌ සහ පිස්‌තොල්යක්‌ සමඟ මඩකලපුව සන්දිවේල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ සමත් වී තිබේ.

දෙමළ ජනතාවගේ පූජනීය දිනයක්‌ වූ තෛපොංගල් දිනය යෙදුණු ඉකුත් ජනවාරි මස 14 වැනිදා කරුණා අම්මාන් ආගමික වතාවත් සඳහා මඩකලපුව සන්දිවේල් ප්‍රදේශයේ කෝවිලකට ගොස්‌ සිටියදී බලහත්කාරයෙන් ඔහුගේ ඇඟේ හැපුණු මෙම කොටි සාමාජිකයා පසුව ගෙල මිරිකීමට උත්සාහ දරා තිබිණි.

අත්අඩංගුවට ගත් හිටපු කොටි ත්‍රස්‌තවාදියා කාලයක්‌ කොටි සංවිධානයේ ප්‍රබල සාමාජිකයකුව සිට පසුගිය කාලයේ යුද හමදාවට භාර වී පුනරුත්ථාපනය ලබා සමාජගත වූ අයකු බවද පොලිසිය සඳහන් කරයි.

එරාවුර් ප්‍රදේශයේදී පෙරේදා (22 දා) රාත්‍රි සිදු වූ මඩකලපුව ඉඩම් අධ්‍යක්‍ෂ විමලරාඡ් මහතාට වෙඩි තැබීමේ සිද්ධියට මෙම කොටි සාමාජිකයා සම්බන්ධ දැයි යන්න පිළිබඳවද පොලිසිය විමර්ශන සිදු කරයි.