අමෙරිකානු ඩොලරයේ අගය හිටි හැටියේම ඉහළ යාමට හේතු වූයේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ටෙම්පල්ටල් අරමුදලේ මුදල් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන යාම බව රජය ප්‍රකාශ කරයි.
මාර්ක් හෝබ්යන්ස් යටතේ ඇති ටෙම්පල්ටන් අරමුදලේ මුදල් හිටිහැටියේම මෙරටින් ගෙන යාමට හේතු වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය තුළ ඩොලරය සියයට 0.25කින් අවප්‍රමාණය වීම බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කර තිබූ ඩොලර් බිලියන 8ක ප්‍රමාණයක් නැවත ගැනීමට ටෙම්පල්ටන් අරමුදලේ ප්‍රධානී මාර්ක් හෝබ්යන්ස් පියවර ගෙන තිබිණි.
අමෙරිකා එක්සත් ජනපද ඩොලරය අවප්‍රමාණය වීමත් සමගම ඩොලරයේ අගය ඉහළ ගිය බව රජයේ ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත් අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් සඳහා මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය ඊයේ (23) දිනයේ දී වාර්තා විය.
ඊයේ දින නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 150.32 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 154.21 ක් ලෙසින් සටහන් විය.
මේ අතර පෙරේදා (22) අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක් සඳහා වාර්තා වූ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින් රු. 149.80 ක් හා රු. 153.56 ක් විය.
මේ අතර 2017 ජනවාරි 01 සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ දී අමෙරිකා එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 0.6 කින්, බ්‍රිතාන්‍ය පවුමට එරෙහිව සියයට 2.4 කින්, යූරෝට එරෙහිව සියයට 1.9 කින්, ජපන් යෙන්ට එරෙහිව සියයට 3.2 කින් සහ ඉන්දියානු රුපියලට එරෙහිව සියයට 1.9 කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.