FAST NEWS

24×7 Around the Globe

ෆේස්බුක් නිසා ජනපති දැඩි කළකිරීමක…

ෆේස්බුක් ඇතුළු සමාජජාල වෙබ් අඩවි මගින් තම චරිතය ඝාතනය කිරීම හා ප‍්‍රතිරූපයට හානිකරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල දැඩි කලකිරීමෙන් පසුවන බව වාර්තා විය.

ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ ෆේස්බුක් ඔස්සේ සිදුවන අසත්‍ය ප‍්‍රචාර නිසා රටට හා සමාජයට විශාල හානියක් සිදු විය හැකි බවයි.

මේ නිසා ෆෙස්බුක් ඔස්සේ සිදුකරන මඩ ගැසීම් හා අසත්‍ය ප‍්‍රචාර පාලනය කිරීම සදහා සුදුසු පියවර ගැනීමට ජනධිපතිවරයා විසින් පොලිස් අපරාධ විමර්ශණ ඒකකයේ ප‍්‍රධානින්ට උපදෙස් දී ඇති බව වාර්තා වුණි.

අන්තර්ජලය ඔස්සේ පතුරවන අසත්‍ය ප‍්‍රචාර, මඩ ගැසීම් පාලනය කිරීමට හා මැඩලීමට නීති මගින් පියවර ගත යුතු බවත් නැතහොත් මෙය මහත් සමාජ ව්‍යවසනයක් බවට පත්වන බවත් ජනාධිපතිවරයා එහිදී තදින් කියා ඇතැයිද පැවැසේ.