FAST NEWS

24×7 Around the Globe

මහින්ද අයියාගේ රැකවරණය ගැන ගෝඨා කියූ හැටී…

තමත් කුඩා කාලයේදී පියා මිය ගිය පසු තමන් ඇතුළු පිරිස රැකබලා ගත්තේ සහෝදර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් බව හිටපු ආරක්‍ෂක ලේක්ම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

එසේම ඔහු සදහන් කරන්නේ තම පවුලේ සහෝදරයන් අතර කිසිදු ගැටුමක් නැති බවත් සියළු දෙනා ඉතා සමීපව කටයුතු කරන බවත්ය.

පසුගිය ආණ්ඩුව තුල සිටිදී පවා සිය සහෝදර බැදීම එලෙසම තිබූ බවද පවසන ඔහු ඇතැම් ප‍්‍රතිපත්තිමය කාරණා මත එකග නොවූ තැන් තිබුනද ඒවා සාකච්චා කර විසදා ගත් බවද පැවැසුවේය.

හිටපු ජනපති මහින්ද දේශපාලනය ගැන දන්නා නිසා තමන් සැමවිටම ඔහුට සවන් දෙන බවද පවසන හිටපු ආරක්‍ෂක ලේකම්වරයා තමන් සියළු දෙනා ඉතා දැඩිව එකට බැදී සිටින බවද පවසන ලදි.