FAST NEWS

24×7 Around the Globe

කටුකුරුන්දේ ධාවන පථයෙන් තවත් ඛේදවාචකයක්… ! (වීඩියෝ)

කලුතර කටුකුරුන්ද ධාවන පථයේ පසුගිය ඉරිදා පැවැත්වූ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගය අතර එයට සහභාගි වූ යතුරුපැදිකරුවෙකුට තම වේගය පාලනය කරගත නොහැකිව දරුණු අනතුරකට මුහුණ දී  තිබේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කලුබෝවිල ශික්ශණ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු තවමත් එහි ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

අනතුරට පත් වූ ඔහුගේ අධිබලැති යතුරුපැදියටද දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේදී ඔහු ආරක්ෂිත ආවරණ පැලද නොසිටි බව එහි සිටි පුද්ගලයෙකුගේ කැමරාවේ  සටහන්ව තිබේ.

එම වීඩියෝව පහතින්..