FAST NEWS

24×7 Around the Globe

කොරියාවෙන් වසංගත ලෙඩ ලංකාවට එන විදිහක් ගැන හෙළි වෙයි…

කොරියාවෙන් දිගින් දිගටම ගෙන්වනු ලබන පරණ බඩු (පාවිච්චි කරන ලද) හේතුවෙන් බරපතල ලෙස රේගු බදු අහිමි වීමේ තත්වයක් මතුව ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අදාළ ජාවාරම සිදු කරනු ලබන පිරිස කොරියාවේ සේවය කරනු ලබන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට කොරියාවේ සිටියදී ඔවුන් විසින් පරිහරණය කරන ලද භාණ්ඩ තීරුබදු රහිතව ලංකාවට ගෙනඒමට ලබාදී ඇති වරප්‍රසාදය භාවිතා කරමින් මෙය සිදු කරනු ලබන බව පැවසේ.

එහි සේවය කළ කාලය අනුව අදාළ වරප්‍රසාදයේ අගය ඉහල යන බවත්, එම වරප්‍රසාදය අඩු මුදලකට කොල්ලකන මේ පිරිස ඒ හරහා කොරියානු පරණ බඩු ලංකාවට පැටවීම සිදුකරනු ලබයි.

මේ ජාවාරම්කරුවන් විසින් අදාළ පරණ බඩු එකතු කරනු ලබන්නේ කොරියානු රෝහල්, කාර්යාල, නිවාස හා වැඩබිම් වැනි තැන්වලින් බවද පැවසේ.

කොට්ට, මෙට්ට මෙන්ම ඇඳ ඇතිරිළි පවා ඔවුන් මෙරටට පටවන අතර ඇතැම්විට රෝහල් වැනි ස්ථානවලින් එවැනි භාණ්ඩ ඉවත ලන්නේ බෝවන රෝග වැනි තත්වයන් නිසා බවද පැවසේ.

වසංගත අවධානම් පවා මින් ලංකාවට ඇතිවිය හැකි බව රේගුවේ උසස් නිලධාරියකු ප්‍රකාශ කල අතරම මේ ජාවාරමට රේගුවේ නිලධාරීන් ද සම්බන්ධ වී සිටින බව වාර්තා වේ.