FAST NEWS

24×7 Around the Globe

නායකයො ඔක්කොම ඇතුළට දැම්මත් සිදු කල නොහැකි දෙයක් ගැන බන්දුල කියයි…!

දේශපාලන නායකයින් සියලු දෙනා සිරභාරයට ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව  ජනතාව පාරට බැසීම වැළැක්වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, ‘දේශපාලන දඩයම නවතනු – විමල් වීරවංශ නිදහස් කරනු’ යන තේමාව මුල් කරගනිමින් හෝමාගම නගරයේ ඊයේ(22) ක්‍රියාත්මක වූ විරෝධතා මාලාවේදී ප්‍රකාශ කලේය.

වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව සියලු ජනකොටස් පෙළගස්වන බව ද ඒ මහතා එහිදී වැඩිදුරටත් පැවැසුවේය.

මෙම විරෝධතාව  සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කීපදෙනකු මෙන්ම හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු නියෝජිතයන් පිරිසක් ද සහභාගී විය.