FAST NEWS

24×7 Around the Globe

නවකවදය ගැන පැමිණිලි Online කියන්නේ මෙහෙමයි…

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය හා සම්බන්ධ පැමිණිලි අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් ද මේ සඳහා හඳුන්වා දී ඇති බවයි.

විශ්වවිද්‍යාලවල නවකවදය මෙන්ම සිසුන්ට සිදුවන ඕනෑම හිරිහැරයක් පිලිබඳව පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙමඟින් අවස්ථාව හිමිවෙයි.

ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙනමම ඒකකයක් ස්ථාපිත කර ඇති අතර 0112 123456 යන දුරකථන අංකයට හෝ www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඕනෑම මොහොතක සිය ගැටළුව ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව මහාචාර්ය මොහාන්ද සිල්වා මහතා සඳහන් කළේය.