FAST NEWS

24×7 Around the Globe

පෘතුවියට සමාන ග්‍රහලෝක 7ක් සොයාගනියි… (වීඩියෝ)

පෘථිවියට සමාන ග්‍රහලෝක හතක් නාසා ආයතනය විසින් සොයාගෙන ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ග්‍රහලෝක 7 ම සමාන්තරව එක් තරුවක් වටා භ්‍රමණය වීමද විශේෂත්වයක් බවයි.

මීට පෙරද පෘථිවියට සමාන ග්‍රහලෝක සොයාගෙන තිබුණද එකවර ග්‍රහලෝක 7 ක් සොයාගත් පළමු අවස්ථාව මෙයයි.

නාසා විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ මෙමඟින් පෘථිවියෙන් පිටත ජීවය පිළිබඳව නව බලාපොරොත්තු තබාගත හැකි බවටයි.

එසේම මේ වන විට සොයාගෙන ඇත්තේ අදාළ ග්‍රහ ලෝක මණ්ඩලය ආලෝක වර්ෂ 40ක දුරින් පවතින බවයි.

මේ අතර NASA ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අදාළ ග්‍රහ ලෝක 7න් 3ක් මිනිස් වාසයට ඉතාමත් සුදුසු මට්ටමක පවතින බවත් හා අදාළ ග්‍රහලෝක තුළ ජලය සහ වාතය ඉතාම හොඳ තත්වයක පවතින බවත්ය.

එම ග්‍රහලෝක 3 අතරින් එක් ග්‍රහ ලොවක් පෘථිවියට සෑම අතින්ම සමාන බවද එම වාර්තාවේ සඳහන් වේ.

අදාළ ග්‍රහ ලෝක 7 පහතින්..