FAST NEWS

24×7 Around the Globe

ඇමරිකානු ජනපතිට මෙක්සිකෝවේ විරෝධය එල්ල වෙයි…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමනික ප්‍රතිපත්තියට මෙක්සිකෝව දැඩි විරෝධය පළ කර තිබේ.

එරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බවයි.

ඇමරිකානු ජනාධිපතිවරයා සිය සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩිකර ඇති බව පසුගියදා වාර්තා වූ අතර එමඟින් දැක්වුණේ ඇමරිකාව තුළ නීතිවිරෝධීව රැඳී සිටින සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති බවයි.