හොලිවුඩයේ අනුරාගී ආරංචි මවන නිරුපිකාවක වගේම නිළියක වන කිම් කාඩේෂියන් තමන්ගේ සිරුරේ හැඩ පෙන්වන්නට පිස්සුවෙන් වගේ සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම උන්මාදයක් ලෙස කාගේත් කතාබහට ලක්වී තිබුණි.
නිදහසේ සිටින සෑම අවස්ථාවකදීම සිය ජංගම දුරකතනයෙන් සෙල්ෆි ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීම ඇගේ විනෝදාංශයක් බවට වාර්තා වේ.
එය බැලූ බැල්මට සාමාන්‍ය පුවතක් වුණත්, කිම් ගන්නා සෙල්ෆි සංඛ්‍යාව නම් අල්ප නොවන බව පැහැදිලි වන්නේ මෙක්සිකෝවේ දින හතරක සවාරියකදී ඇය සෙල්ෆි ඡායාරූප 6000ක් ලබාගෙන ඇති බවට වාර්තා වීමත් සමගය.
වැඩිම සෙල්ෆි ප්‍රමාණයකට පෙනිසිට ඇත්තේ කවුද යන්න ඇයම අන්තර්ජාලයෙන් සොයා බලා ඇති අතර එහි පළමු තැන කිම් කාඩේශියන් ලබා ඇති බව අන්තර්ජාල මූලාශ්‍ර ඇයට දන්වා තිබේ.












