FAST NEWS

24×7 Around the Globe

කාලෝ සභාපති පුටුවට ආ හැටි ගැන සමන් රත්නප්‍රිය හෙළි කරයි…

සයිටම් සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකරන්නේ නම් කාලෝ ෆොන්සේකා මහතා වහාම වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් විය යුතු යැයි ද එසේ නොවන්නේ නම් සෞඛ්‍ය ඇමැති ධූරයේ බලතල පාවිච්චි කරන්නට රාජිත සේනාරත්න මහතා කටයුතු කළ යුතු යැයි ද අධ්‍යාපනයේ නිදහස උදෙසා වූ ජාතික ව්‍යාපාරය පවසන ලදි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලෝ ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ මුල් පුටුව පිරිනැමුවේ සයිටම් ආයතනයට ලියාපදිංචිය ලබාදීමේ පොරොන්දුව පිට යැයි ද ඊට අදාළ තොරතුරු සියල්ල තම සංවිධානය සතු යැයි ද එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කොළඹ දී අද(22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

මෙම පත්කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ ප්‍රබලතම චරිතයක් සාක්ෂි දරන්නේ යැයිද හෙතෙම වැඩිදුරටත් අවධාරණය කලේය.