FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී ධූරය රැක ගන්න හදන රතන හිමියන්ගේ බොළඳ වැඩ ගැන අනුරුද්ධ කියයි…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හමුවෙමින් උන්වහන්සේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ආරක්‍ෂා කර ගැනීමේ උත්සාහයක නියෑලී සිටින බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහතා ඊයේ (21 වැනිදා) සඳහන් කළේය.

එම මන්ත්‍රී ධුරය ආරක්‍ෂා කර ගැනීමට උන්වහන්සේට කිසිදු අවස්‌ථාවක්‌ නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

පූජ්‍ය රතන හිමියන්ගේ මන්ත්‍රී ධුරය මෙන්ම උන්වහන්සේට එරෙහි විනය පියවර ගැනීමේ අයිතිය ජාතික හෙළ උරුමය සතු බවත් අනුරුද්ධ ප්‍රදීප් මහතා එහිදී සඳහන් කළේය.

තම පක්‍ෂය හා එක්‌සත් ජාතික පෙරමුණ අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමේ නවවැනි වගන්තිය අනුව උන්වහන්සේට එරෙහි විනය පියවර ගත හැකි යැයිද ඔහු පැවැසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන උත්සවවලට පූජ්‍ය රතන හිමියන් ආරාධනා නොලැබ සහභාගි වෙමින් බොළඳ ක්‍රියා මාර්ගවල නියෑළි සිටින බවත් අනුරුද්ධ ප්‍රදීප් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

හෙතෙම ඊයේ (21 ) මෙම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.