FAST NEWS

24×7 Around the Globe

බෝල්ට්ගෙන් පසුව එන වේගවත්ම ක්‍රීඩකයාත් ජැමෙයිකාවෙන්ම…! (වීඩියෝ)

ලොව වේගවත්ම මිනිසා වන බෝල්ට්ගෙන් පසුව අනාගතයේ බිහිවන තවත් වේගවත් මිනිසුන් ජැමෙයිකාවෙන් බිහිවිය හැකි බවට ක්‍රීඩා විචාරකයන් මත පලකර තිබේ.

මේ වන විට ජැමෙයිකාවේ St. Elizabeth Technical High School ක්‍රීඩා උළෙලේදී තවත් මෙවැනි වේගයක් ලබා ගතහැකි පාසල් ක්‍රීඩකයෙකු හඳුනාගෙන ඇති බවට වාර්තා වන අතර ඔහු Sachin Dennis නම් 14 හැවිරිදි ශිෂ්‍යයෙකු වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම කුඩා ක්‍රීඩකයා ඔහු සහභාගී වූ මීටර් 100 ඉසව්ව තත්පර 10.66කින් අවසන් කිරීමෙන් අනාගතයේ ඔලිම්පික් නව වාර්තාවක බලාපොරොත්තු නැවත ජැමෙයිකාවට රැඟෙන ඒමට හැකිවනු ඇති බවය.

මේ අතර Harvard විශ්වවිද්‍යාලයේ මහාචාර්ය oriyanto parracan සිදුකළ නවතම ප්‍රකාශයක් තුලින් එරට ක්‍රීඩකයන්ගේ ක්‍රීඩාශීලීත්වය වැඩි වීමට හේතු කිහිපයක් පෙන්වා දී තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ ජැමෙයිකාවේ පස තුළ ඇලුමිනියම් බහුලව තිබීම තුලින් එරට පුරවැසියන්ගේ ශක්තිය ඉහළ නැංවීමට එය හේතු වී ඇති බවයි.

එරට ගැබිණි මව්වරුන් විසින් විශේෂ අර්තාපල් වර්ගයක් ආහාරයට ගනු ලබන අතර එමගින් මව්කුස තුලදීම දරුවන්ගේ කායශක්තිය වැඩි වන බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම මහාචාර්ය oriyanto parracan වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජැමෙයිකාවේ ප්‍රමාණයට සාපේක්ෂව එරට ජනගහනය ලක්ෂ විසිහත්දහසක් වැනි සුළු ප්‍රමානයක් වාසය කිරීම තුලින් පරිසරය අපවිත්‍ර වීම බොහෝ සෙයින් අඩු වන අතර එමගින් පිරිසිදු වටපිටාවක හැදෙන වැඩෙන ක්‍රීඩකයින් සෙසු රටවල ක්‍රීඩකයින්ට වඩා කාය ශක්තියෙන් වැඩි වීමේ ප්‍රවනතාවක්ද පවතින බවයි.

මේ හේතුවෙන් ඔවුන් පෙන්වා දෙන්නේ බෝල්ට් වැනි කාය ශක්තියෙන් ඉහළ ක්‍රීඩකයන් එරට තුළ නිර්මාණය වීම සාමාන්‍ය තත්වයක් බවයි.

Sachin Dennis නම් 14 හැවිරිදි ශිෂ්‍යයයා 100 ජයග්‍රහණය ලැබූ අයුරු දැක්වෙන වීඩියෝව පහතින්..