FAST NEWS

24×7 Around the Globe

‘සීගිරියේ ඇත්තේ සිංහ පාදයක් නෙමෙයි’ – සුමංගල නාහිමිගෙන් ප්‍රකාශයක්…

සීගිරි පර්වතයේ ඉහළ රජ මාළිගා පරිශ්‍රයට පිවිසීමට ඇති පඩි පෙළ දෙපසට දක්නට ඇති සත්ව පාද යුගල සිංහයෙකුගේ ඉදිරි පාද යුවළක් නොවන බව රංගිරි දඹුලු විහාර පාර්ශවයේ මහනායක පුජ්‍ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පැවැසීය.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ පෙන්වා දෙන්නේ සිංහ පාදය යනුවෙන් සවිකර ඇති නාම පුවරුව සහ සීගිරිය පිළිබඳ ලියවී ඇති ග්‍රන්ථවල ද එම නාමය භාවිත කර තිබීම එම ව්‍යවහාරයට පාදක වී ඇති බවයි.

එම සත්ව පාද යුගල නිරීක්ෂණය කිරීමේදී පැහැදිළි වන්නේ එය සිංහ පාද යුගළයක් නොවන බව උන්වහන්සේ පෙන්වා දෙනු ලැබීය.

නාහිමියන් නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ ස්වභාවිකව සිංහයෙකුගේ පාදයක තිබිය යුතු ඇගිලි සංඛ්‍යාව 4 ක් වුවද දැනට සීගිරියේ ඇති සිංහ පාද යුග්මයේ ඇත්තේ ඇගිලි 3 ක් බවයි.

ඇතැම් සීගිරි කුරුටු ගී වලින් ද ප්‍රකාශ වන ආකාරයට සිංහයෙකුගේ මුර්තියක් මෙහි පැවති බව අවිවාදිත බව උන්වහන්සේ සඳහන් කල අතර මෙම තත්වයට මුලික වන්නට ඇත්තේ පුරාවස්තු සංරක්ෂණ ක්‍රියාවලයේදී එම මුර්තිය ප්‍රතිනිර්මාණය කිරීමේදී සිංහ පාදයක තිබිය යුතු ඇගිලි සංඛ්‍යාව සහ මුලික ලක්ෂණ පිළිබඳ අවධානය යොමු නොකිරීම බව ඉනාමලුවේ සුමංගල නා හිමියන්ගේ මතය වේ.

එය මුර්ති ශිල්පියාට මෙන්ම පුරාවිද්‍යා සංරක්ෂකයාට සිදුව ඇති බලවත් අත්වැරැද්දක් බව පුජ්‍ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල නාහිමියන් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.