FAST NEWS

24×7 Around the Globe

දික්වැල්ලගේ තරග තහනමට අගමැති රනිල් අතපොවයි – දුර දිගත් යයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් අද (21) පැනවූ තරග තහනමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට උපදෙස් දී ඇත ඇති බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් දික්වැල්ලගේ තරග තහනම සම්බන්ධ යම්කිසි සහනයක් ලබාගැනීමට නියමිතය එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

දකුණු අප්‍රිකාව සමග පැවැති තරගාවලියේ දී දකුණු අප්‍රිකා ක්‍රීඩක රබාඩා සමග ඇති කරගත් ගැටුම හා පසුගියදා පැවැති ඕස්ට්‍රේලියාව සමග දෙවැනි විස්සයි විස්ස තරගයේ දී දික්වැල්ලට ලැබුණු විනිසුරු තීරණයට අකමැත්ත පළ කිරීම යන කරුණු හේතුවෙන් එක් විස්සයි විස්ස තරගයක් හා එක් එක්දින තරගයක් තහනම් කිරිමට අයිසීසීය අද (21) නියෝග කළේය.