FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර පිටිය අහිමි කරමින් ICCය දික්වැල්ලට තහනමක් පනවයි…

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කලේය.

ඒ අනුව හෙට(22) ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 තරගය හා ඔහු මීළගට තරග කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයද අහිමි වනු ඇති බවද පැවැසේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම  සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්ස තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බව වාර්තා වන අතර දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී තිබේ.