FAST NEWS

24×7 Around the Globe

රනිල් රන්ජන්ගේ රගපෑමට දොස් නගයි…

දේශපාලනයේදී රගපෑම වහා නතර කරන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායන මහතාට දොස් පවරා තිබේ.

පසුගියදා ජාඇලදී පැවති විරෝධතාවකට එක්වී ආණ්ඩුවේ තීරණයකට එරෙහි වීම සම්බන්ධයෙන් අගමැතිවරයා මෙසේ රාමනායක මහතාට දෝෂාරෝපනය කර ඇත.

කොළඹ නගරයේ කුණු ජාඇල ප‍්‍රදේශයේ ඉඩමකට ගෙනගොස් දෑමීමට විරුද්ධව මෙම උද්ඝෝෂණය පැවති අතර නියෝජ්‍ය ඇමති රාමනායක හැර ආණ්ඩු පක්‍ෂයේ කිසිවෙකුත් ඊට සම්බන්ධ වී සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩු පක්‍ෂ දේශපාලඥයින් රැසකගෙන් ලද පැමිණිලි හේතුවෙන් අගමැතිවරයා විසින් මෙසේ රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිට දොස් පවරා ඇත.