FAST NEWS

24×7 Around the Globe

රනිල්, චන්ද්‍රිකා, මහින්ද චරිත 3 එකතු වෙන තැන මෙන්න…

 

රනිල්, චන්ද්‍රිකා, මහින්ද යන තිදෙනාම මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා වනු දැකීමට අකැමැති බවත් ඊට හේතුව ඔහු තමන්ගේ පංතියේ අයෙකු නොවීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

එකිනෙකට වෙනස් දේශපාලන ධාරා නියෝජනය කරන චරිත තුනක් වුවද ඔවුන් තිදෙනාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව අප්‍රකාශිත පංතිමය සමගියකින් වෙළී සිටින බව කී හෙතෙම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය තුළ මතුවූයේ ද මීට සමාන තත්ත්වයක් බව අවධාරණය කරන ලදි.