FAST NEWS

24×7 Around the Globe

තමීල්නාඩු මහ ඇමතිගේ සහායට මන්ත්‍රීන් 122 ක්..

තමිල්නාඩු නව මහ ඇමැති ලෙස බ්‍රහස්පතින්දා දිවුරුම් දුන් ඊ. පලනි ස්වාමි මහතාට එම තනතුර සඳහා ප්‍රාන්ත රජයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබෙන බව ප්‍රකාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ සඳහා පැවති ඡන්දයෙන් 122 දෙනකුගේ කැමැත්ත ප්‍රකාශ වී ඇති බවද සඳහන්.

මෙම ඡන්දයෙන් ඔහු ජය ලැබූවද, ඔහුට එරෙහිව සිටි පක්ෂවල මන්ත්‍රීන් සියලු දෙනා සභා ගැබෙන් පිට කිරීමට පියවර ගෙන ඇති බවද පැවසේ.

එම සිද්ධිය වී ඇත්තේ වැඩබලන මහ ඇමැති ඕ. පනීර් සෙල්වම්ට සහාය දක්වන සභිකයන් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ලබා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලීමයි.

මෙම ඉල්ලීම සභානායක විසින් ප්‍රතික්‍ෂේප වීමත් සමග පලනි ස්වාමිට එරෙහි පිරිස් සභානායකට දැඩි ලෙස විරෝධතා එල්ල කර ඇත.

විරෝධය දක්වන පිරිස් සභා ගර්භයේ විදුලියද විසන්ධි කර ඇත. කථානායක ඔහුගේ අසුනින් ඉවතට ඇද දමා පුටු විසි කරමින් සහ මේස පෙරළමින් දැඩි විරෝධතා ප්‍රදර්ශනය කර ඇත.

තත්ත්වය පාලනය කිරීමට නොහැකිව සභා ගර්භයට ‍පොලිසිය කැඳවීමත් සමග ‍පොලිස් ආරක්ෂාව යටතේ කථානායක එම ස්ථානයෙන් ඉවත්කර ඇත.

පැය පහක පමණ කාලයක් මෙම අර්බුදකාරී තත්ත්වය පැවතී ඇති අතර නැවත කථානායක පැමිණීමෙන් පසු ඡන්දය පවත්වා ඇත.

එහිදී පලනි ස්වාමීට ඡන්ද 122 ක් ලැබි ඇති අතර පනීර් සෙල්වම්ට ලැබි ඇත්තේ ඡන්ද 11 කි.

එම ප්‍රතිඵලය නිකුත් වීමෙන් අනතුරුව පනීර් සෙල්වම් පවසා ඇත්තේ තමා මෙහිදී පරාජය ලැබූවද, යුද්ධය අවසන් වී නොමැති බව වන බව විදෙස් වාර්තා වැඩි දුරටත්  පවසයි.