2017 ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(20) බැංගලෝරයේදී පැවැත්විමට නියමීත වේ.
මෙවර අයි පී එල් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 750ක් පමණ ඉදිරිපත්ව සිටින අතර එහිදි එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 27 දෙනෙකු ලබාගැනීමේ හැකියාව පවතියි.
විදෙස් ක්‍රීඩකයන් 44 දෙනෙකු ද මෙවර අයි පී එල් තරගාවලියේ කණ්ඩායම් 8ට එක් කර ගැනීමට නියමිත වේ.
2017 අයි පී එල් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙවර වෙන් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10කි.







