FAST NEWS

24×7 Around the Globe

ළමා අපයෝජන ලිපිගොනු නීතිපති ළඟ ගොඩගැහිලා… !

ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව අධිචෝදනා ගොනුකිරීමට යවා ඇති ලිපිගොනු 288ක් පමණ නීතිපති දෙපාර්තමේන්තුව තුළ ගොඩගැසී ඇති නිසා වින්දිතයන් විශාල අපහසුතාවකට මුහුණදී ඇතැයි වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා හා ස්ත්‍රී දූෂණ අංශයේ අකාර්යක්ෂමතාව නිසා මෙලෙස ලිපිගොනු ගොඩගැසීම සිදු වී ඇතැයි වාර්තා වේ.

ළමා අපයෝජන සහ ස්ත්‍රී දූෂණ බහුතරයක් සංවේදී සිදුවීම් බැවින් මෙවැනි ලිපිගොනු විභාගයට නොගෙන කල්ගතවීම සමාජ ප්‍රශ්නයකට හේතුවක් වන බව නීති විශාරදයෝ පවසති.

මේ පිළිබඳව වැඩිදුර විමසිමකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වන කපිල වෛද්‍යරත්න මහතා පැවසුවේ පසුගිය මාස 06ක් තුළ ලිපිගොනු 500ක ප්‍රමාණයක් තම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 100ක් වැනි පිරිසකගේ ශ්‍රම බලයෙන් අවසන් කර ඇති බවත් සෑම දිනකම දෙපාර්තමේන්තුවට ලැබෙන ලිපිගොනු ඉහළ යන බවත්ය.