FAST NEWS

24×7 Around the Globe

ළඟ එන පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපයෙන් අලුත් සැලැස්මක්..

ළඟ එන පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෑම…දිස්ත්‍රික්කයකම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහා ජන රැලිය බැගින් පැවැත්වීමට යයි.

මේ ජනතා රැලි පැවැත්වීම සඳහා වන මුල්ම සාකච්ඡාව ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරුන් හා ආසන සංවිධායකයන් කැඳවා පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වා තිබේ.

මේ සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාත් සහභාගි වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයකු මෙහිදී යෝජනා කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම එකතු කරගෙන සමඟියෙන් ඡන්දයට ඉදිරිපත් නොවුණහොත් අපේක්ෂිත ජයග්‍රහණයන්් ලබා ගැනීම උගහට බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ නව ආසන සංවිධායකයන්ගෙන් මේ යෝජනාවට සතුටුදායක ප්‍රතිචාරයක් ලැබී නැති අතර ඔවුන් ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලනිපයේ වර්තමාන නායකත්වය යටතේ තනිව තරග කිරීමෙන් ජය ලබා ගත හැකි බවයි.