පසුගිය 14 වනදාට යෙදුණු වැලන්ටයින් දිනයේ ඇමරිකාවේ නිව්යොර්ක් නුවර ස්ථාන කිහිපයක ආලෝක කදම්බ මගින් බිත්ති මත ප්‍රදර්ශනය කළ බව කියන ප්‍රචාරණයක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එහි එරට වත්මන් ජනපති ට්‍රම්ප් ගැබ්ගෙන ඇති ආකාරයත් ඔහු පසුපසින් රුසියානු ජනපති පුටින් සිටින ආකාරයත් දිස් විය.
එසේම එය #Lovethroughhate යන හැෂ්ටැග් සහිතව එය ප්‍රචාරය කර තිබූ අතර ඇමරිකාවේ නිව්යෝර්ක්හි සමලිංගිකයින් වාසය කරන චෙල්සා ප්‍රදේශයේත් 14th Street හා 8th Avenue හිත් මෙය මුලින්ම දිස්වූ බවත් පසුව ස්ථාන රාශියක දර්ශනය කර ඇති බවත් වාර්තා විය.










