FAST NEWS

24×7 Around the Globe

සීකුගේ සමග සුපිරි ක්‍රීකට් තරු 02 ක් හොංකොං T20 යට යයි..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක සීක්කුගේ ප‍්‍රසන්න, මාර්තු මස 08 වනදා ආරම්භ වීමට නියමිතහොංකොං පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලිය එක්වීම සඳහා  ‘‘ග්ලැක්සි ග්ලැඩියේටර්ස්’’ කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර ඇති බව වාර්තාවේ.

එ අනුව ඔහු මෙම තරගාවලියට එක්වන තුන්වන ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා බවට පත්වේ.

මීන් ඉහත කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් මෙම තරගාවලිය සඳහා ගිවිසුම් අත්සන් කළේය.

කුමාර් සංගක්කාරද සීක්කුගේ ප‍්‍රසන්න නියෝජනය කිරීමට නියමීත ‘‘ග්ලැක්සි ග්ලැඩියේටර්ස්’’ කණ්ඩායම සමග ගිවිසුම් අත්සන් කර තිබේ.

තිලකරත්න ඩිල්ෂාන් ‘‘සිටි කයි ටැක්’’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමීතය.

හොංකොං පන්දුවාර විස්ස ක‍්‍රිකට් තරගාවලියකණ්ඩායම් පහක සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර මීට විදෙස් ක්‍රීකට් තරු රාශීයක් එක්වීමටද නියමීත බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසයි.