FAST NEWS

24×7 Around the Globe

සංගාගේ විශිෂ්ට පිතිකරණය කරච්ච්ය දිනවීමට ප්‍රමාණවත් නොවෙයි…

පාකිස්ථාන ප්‍රිමීයර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ ඊයේ (16) පැවති අටවැනි තරගය කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන කරච්චි කණ්ඩායම ලාහොර් කණඩායම හමුවේ ලකුණූ 07 කින් පාරාජයට පත් විය.

මෙහිදි කලකට පසු විශ්ෂට පිතිකරණයක යෙදුණූ කුමාර් සංගග්කාර පන්දු 45 කදී එක් හයේ පහරක් හා හතරේ පහර 08 ක් සමග අගනා ලකුණූ 65 ක් ලබා ගත්තද කරච්ච් ජයග්‍රහණයට එය ප්‍රමාණවත් නොවීය.

කාසියේ වාසිය දිනු කරච්චි ආරධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ලාහොර් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් පමණක් දැවී ලකුණු 179 ක් රැස් කර ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කරච්චි කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණූ 172 ක් පමණී.