FAST NEWS

24×7 Around the Globe

උපරීම සිල්ලර මිල සෙවීමට ඇමති රිෂාඩ් 05 වැනි හරස් වීදියට යයි..

උපරීම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන්නේ දැයි සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා සහ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් ඊයේ (16) පිටකොටුව, 05 වැනි හරස් වීදියේ සහල් තොග අලෙවිසැල් නිරීක්ෂණය කළහ.

වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව සෙවීමට මේ හදිසි නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ,පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන්, 05 වැනි හරස් වීදියේ තොග වෙළෙඳුන්ගේ
සංගමයේ සභාපති ඇතුළු පිරිසක් එක්ව සිටියහ.