FAST NEWS

24×7 Around the Globe

වතුර වීදුරුවකින් ලැබෙන විශ්මිත වූ වාසි මෙන්න…

 

බොහෝ දෙනෙකු නොදන්නා නමුත් පහසුවෙන් තම ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගත හැකි සරලම ක්‍රමයක් පිළිබඳව විදෙස් සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.

අදාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ උදෑසන පිරිසිදු ජලය වීදුරුවක් පානය කිරීමෙන් මිනිස් සිරුරට ලැබෙන විශේෂ වාසි පිළිබඳවය.

ඒ අනුව උදෑසන ජලය පානය කිරීමෙන් සිදුවන මූලිකම කාරණය ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ මිනිස් සිරුරේ ඇති බඩවැල් පිරිසුදු වීමයි.

එම වාර්තාවළ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස ජලය පානය කිරීම කිසිදු ආහාරයක් ගැනීමට පෙර සිදුකළ යුතු බවයි.

මේ අතර උදෑසනින් ජලය පානය කිරීම මගින් ශරීර කෘත්‍ය පහසු කරවනවා සේම දිනපතා ජලය පානය කිරීම සිදු කළහොත් සිරුරේ ඇති අපද්‍රව්‍ය සියල්ල සිරුරෙන් ඉවත් වීමද සිදුවේ.

මෙහි ඇති අනෙක් සුවිශේෂ කාරණය නම් ජලය පානය කිරීමෙන් සුළු වෙලාවකට පසු හොඳින් බඩගින්න ඇතිවීම හේතුවෙන් උදෑසන සිරුරට ලබාගන්නා ආහාර ප්‍රමාණය වැඩිකර ගත හැකිවීමයි.

එහි දැක්වෙන්නේ උදෑසන ජලය පානය කිරීම මගින් සිරුරේ රතු රුධිරානු ප්‍රතිශතය වර්ධනය වන අතර ඒ හේතුවෙන් නිතරම ශරීරය කාර්යක්ෂමව තබන බවයි.

එසේම අධික තරබාරු පුද්ගලයන්ට තම සිරුර පාළනය කර ගැනීමටද උදෑසන ජලය පානය කිරීමෙන් සිදුකරගත හැකි වන අතර වර්තමානයේ තරුණ තරුණියන් අතර මෙන්ම මැදිවයසේ පිරිස් අතරද පවතින සුලභ ගැටලුවක් වන කුරුලෑ වලට මෙමගින් පිළිතුරු සැපයීම සිදු වේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සිරුරේ බඩවැල් පිරිසිදු නොවීම කුරුලෑ වලට හේතුවන අතර උදෑසන ජලය පානය කිරීමෙන් බඩවැල් පිරිසිදු වීම හරහා කුරුලෑ පාලනයද සිදුවන බවයි.