FAST NEWS

24×7 Around the Globe

පාපන්දුවට ඔළුවෙන් ගැහුවොත් සිදු වන දේ මෙන්න…

 

කාලයක් පුරාවට දිගින් දිගටම පාපන්දුවට හිසෙන් පහරදීම ක්‍රීඩකයන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්තියට බලපාන බව පර්යේෂණයකින් හෙළි වී තිබේ.

කාඩිෆ් විශ්ව විද්‍යාලයේ හා University College London හි පර්යේෂකයන් විසින් වෘත්තිමය පාපන්දු ක්‍රීඩකයන් පස්දෙනෙකුගේ හා වෘත්තිමය නොවන මට්ටමේ පාපන්දු ක්‍රීඩා කළ පුද්ගලයෙකුගේ මොළ පරීක්ෂා කර තිබේ.

වසර 26ක් පමණ පුරාවට පාපන්දු ක්‍රීඩාවේ නියැලී ඇති ඔවුන් සියළුම දෙනා ගේ වයස 60ට වැඩි වීමෙන් අනතුරුව ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වී තිබේ.

මරණ පරීක්ෂණ සිදුකරන විටදී විද්‍යාඥයන් හට දැකගත හැකි වූයේ ඔවුන් සිවුදෙනෙකු ම chronic traumatic encephalopathy (CTE) නම් මොළයේ ආබාධ තත්ත්වයකට ලක්ව ඇති අයුරුය.

එසේම පාපන්දු ක්‍රීඩාව සහ මොළයේ ආබාධ අතර පැවතිය හැකි සම්බන්ධය පිළිබඳ සිය අනුග්‍රහයෙන් මේ වසරේ මැයි මාසයේ පර්යේෂණයක් ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය පැවැසීය.

බ්‍රිතාන්‍ය පාපන්දු සම්මේලනය ඒ බව පවසා සිටියේ මොළයේ හටගත් කම්පනයක් හේතුවෙන් 2002 වසරේදී මරුමුවට පත් හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයකු වූ ජෙෆ් ඈශ්ලි ගේ පවුලේ සාමාජිකයන් ඒ සම්බන්ධයෙන් හඬ නැගීමෙන් අනතුරුවය.