දරුවෙකු කුසක පිළිසිඳ සති දහයකින් ඉපදීමට සිටින දරුවා ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යන්න පිළිබඳ නිර්ණය කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන තිබෙනවා.
රුසියානු විද්‍යාඥයින් පිරිසකුයි මෙම සොයා ගැනීම සිදුකර තිබෙන්නේ.
සාමාන්‍යයෙන් ඉපදීමට සිටින දරුවෙකුගේ ලිංග නිර්ණය නිවැරදිව සිදුකෙරෙන්නේ ගැබ්ගෙන මාස පහක පමණ කාලයක් ගතවූ පසුවයි.
එහෙත් රුසියානු විද්යාඥයින් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ නව සොයා ගැනීමට අනුව දරුගැබට සති දහයක් වූ පසු දරුවා පිළිබඳ නිවැරදි ලිංග නිර්ණයකට එළඹිය හැකි බවයි.
ඒ අනුව ඩී එන් ඒ පරීක්ෂණයක් සිදුකර ඉපදීමට සිටින දරුවා ගැහැණු දරුවෙකුද පිරිමි දරුවෙකුද යන්න නිවැරදිව හඳුනාගත හැකි බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.








