මෝටර් රථ සංදර්ශනයක් අතරතුර සිදුවූ අනතුරක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙක්සිකෝවේ, රියෝ බ්රාවෝ නගරයේ නගරයේ සංදර්ශනයක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බව සදහන්ය.
අනතුරෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 08 දෙනෙකුගේ තත්වය බරපතල බවද වාර්තා වේ.
සංදර්ශනයට එක් කර තිබූ මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෝටර් රථයක් ප්‍රේක්ෂකයන් අතරට එකවරම ධාවනය වීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මේ අතර බොහෝ දෙනෙක් සංදර්ශනයේ සංවිධායකයින්ට චෝදනා කරන්නේ සලසා තිබූ ආරක්ෂාව අඩු වීම හේතුවෙන් මෙම අනතුර සිදුවූ බවයි.









