FAST NEWS

24×7 Around the Globe

තමිල්නාඩු නළු කමල් හසනුයි ශෂිකලායි මත ගැටුමක…

 

තමිල්නාඩුවේ මහ ඇමැතිනිය ලෙස පත්වීමට උත්සාහ කරන ශෂිකලා සහ ප්‍රකට නළු කමල් හසන් අතර අර්බුදයක්‌ මතුව ඇති බව වාර්තා වේ.

කිසිදු කණ්‌ඩායමකට සම්බන්ධ නැති බව ඔහු සදහන් කරන අතර එම ධුරයට තරග වැදීමෙන් ශෂිකලා වහාම ඉවත්වී පනීර්ෂෙල්වම්ට මහ ඇමැති ලෙස කටයුතු කිරීමට ඉඩ දිය යුතු බව කමල් හසන් පවසා තිබේ.

තමිල්නාඩුව රටවල් දෙකකට කැඩීමට ක්‍රියා නොකරන ලෙස ඔහු ශෂිකලා වෙත අනතුරු අඟවා ඇති අතර තමිල්නාඩුව පාලනය කිරීමට පනීර්සෙල්වම්ට හැකි බවත් ශෂිකලා ඊට බාධා නොකර ඉවත් විය යුතු බවත් කමල් හසන් වැඩිදුරටත් පවසා තිබේ.