FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව අසරණ කිරීමට කළ කී දෑ ඩුප්ලෙසිස් හෙළි කරයි..

තමාට තරගවල වැඩි ලකුණු සහිත ඉනිම් ක්‍රීඩා කිරීමට ලැබිම සතුටක් බවත් මෙතෙක් තමා මුහුණ දුන් තරගාවලි අතර මෙම තරගාවලිය වඩාත් සාර්ථක තරගාවලියක් වන බවත් පසුගියදා පැවති දකුණු අප්‍රිකානු-ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ වීරයා වූ ෆප් ඩුප්ලෙසිස්  මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

තරග 5ක් තුළ ලකුණු 410ක් ලැබූ ඩුප්ලෙසිස් සාමාන්‍ය 102.50 ලෙස පවත්වා ගැනීමට සමත් වු අතර මෙම ලකුණු අතරට ශතක 2ක් සහ අර්ධ ශතකයක්ද ඇතුත් විය.

තවද සිය එක්දින වැඩිම ලකුණු සංඛයාව ලෙස සිව්වැනි තරගයේදී ලකුණු 185ක් ලබාගැනීම කැපී පෙනුණ අතර අංක තුන පිතිකරු ලෙස තම කාර්යය ඉතා හොඳින් සිදු කිරීමට හැකිවීම දකුණු අප්‍රිකානු පිලට සවියක් විය.

තමාට ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් හොඳ සහායක් ලැබිමත් අඛණ්ඩව තමාට ලකුණු අතරට ඒමට හේතුවක් බව පෙන්වා දෙන ඩුප්ලෙසිස් සිය උපරිම කැපවීම තුළ සාර්ථකත්වය ලැබූ බවද පවසයි.

“මම හැමවිටම එක් තරගයක ඉනිමක් ක්‍රීඩා කිරීමෙන් පසුව එම ඉනිම දෙස නැවත හොඳින් බලා නැවතත් දුර්වලතා හැඳින පුහුණුවීම්වල යෙදුණා. ඒ අනුව ඊළඟ තරගයේදී මම හැමවිටම ක්‍රියාත්මක වුණේ අලුත් ඉනිමක් ලෙස තරගයට පැමිණීමට. හැමවිටම තාක්ෂණය අතින් මගේ පිතිකරණය ඉහළට ගෙනඒමට ක්‍රියා කළා වගේම ඉනිම ගොඩනැගීමේදී පහරවල් කරා යෑමේදී තාක්ෂණයට මුල්තැන දුන්නා. මේ නිසා පුහුණුවීම්වලදී තාක්ෂණයට වැඩියෙන් අවධානය යොමු කිරීම තමාගේ සාර්ථකත්වයට හේතුවුණා” යැයි ඩුප්ලෙසිස් මාධ්‍ය සඳහන් කර තිබේ.

“අපට ඉදිරියේදී වඩාත් වැදගත් නවසීලන්ත තරගාවලිය තියෙනවා. මේ නිසා හොඳින් ශරීර යෝග්‍යතාව පවත්වා ගැනීම වැදගත්. විවේකය අඩුයි. මෙම තරගාවලිය අවසන් වීමත් සමග නවසීලන්තයට යන්නේ නැවතත් දීර්ඝ තරගාවලියකට. ඒ වගේම චැම්පියන්ස් කුසලානය ගොඩක් වැදගත්” යැයිද ඩුප්ලෙසිස් මෙහිදි වැඩිදුරටත් මාධ්‍ය වෙත සඳහන් තිබේ.