FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් කල පැමිණිල්ල මෙන්න…

 

අනුරාධපුර පැවැති සංගීත ප්‍රසංගයකට තමාට ආරාධනා කළත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල්, සංවිධායකයන් නොගෙවූ බව පවසමින් ප්‍රවීණ ගායක අමරසිරි පීරිස් මහතා අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබේ.

ප්‍රසංගය වෙනුවෙන් සංවිධායකයන් තමාට රුපියල් 750000ක මුදලක් ගෙවන බවට පොරොන්දු වුවත් එම මුදල් ගෙවීම පැහැරහැර ඇතැයි පෙරේදා(11දා) පැමිණිලි කරමින් අමරසිරි පීරිස් මහතා පැවැසීය.

වහාම ක්‍රියාත්මකවූ පොලිසිය එම ප්‍රසංගය සංවිධානය කළ තරුණ කාන්තාවක් ඇතුළු කිහිප දෙනෙකු පොලිසියට කැඳවා ආරවුල විසදීමට කටයුතු කර තිබුණි.