FAST NEWS

24×7 Around the Globe

‘බේ’ වෙරළට තල්මස් සිරුරු ගොඩ ගැසුනේ මෙහෙමයි… (වීඩියෝ)

 

නවසීලන්තයේ ගෝල්ඩන් බේ වෙරළ තීරයට මියගිය තල්මසුන් විශාල සංඛ්‍යාවකගේ සිරුරු ගොඩ ගසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

තල්මසුන් 600කට වඩා වැඩි ගණනක් නවසීලන්ත නොගැඹුරු  මුහුදේ අතරමංව සිට ඇති අතර එලෙස අතරමං වූ තල්මසුන්ගෙන් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව සදහන්ය.

එරට බලධාරීන් වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙලෙස මියගිය තල්මසුන්ගේ සිරුරු ඇත්නම් ඔවුන් දැනුවත් කරන ලෙසයි.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ නවසීලන්ත වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට මියගිය තල්මසුන්ගේ සිරුරු දිරා පත්වීමට අවශ්‍ය කටයුතු කරන බවයි.

ඒ අනුව මේ වනවිට ගෝල්ඩන් බේ වෙරළ කලාපය මහජනතාවට තහනම් කලාපයක් බවට පත්කර තිබේ.

එම වීඩියෝව පහතින්..