FAST NEWS

24×7 Around the Globe

මෙතෙක් කල් වාර්තා තැබූ Apple පැරදුනේ මෙහෙමයි… (ඡායාරූප)

 

ලොව වැඩි දෙනෙකුගේ අවධානය දිනාගෙන සිටින Apple iPhone 6S ස්මාට්ෆෝනය සමග සැසඳීමේදී oppo R9 ස්මාට්ෆෝනය ඉදිරියෙන් සිටින බවට නවතම වාර්තාවන් පෙන්වා දී තිබේ.

මෙතරම් කලක් චීනයේ වැඩියෙන්ම අලෙවි වන ස්මාට්ෆෝනය ලෙසින් වාර්තා තබා තිබුණේ Apple අයිෆෝනය වන නමුත් නවතම සමීක්ෂන වාර්තාවන්ට අනුව ඒ තැන oppo සමාගමේ R9 උපාංගයට හිමිවී ඇති බවත්, ඒ අනුව oppo විසින් ඇපල් අභිබවා ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ලදි.

වාර්තාවන ආකාරයට oppo R9 උපාංග මිලියන 17ක් පසුගිය වසර තුළදී චීනය තුළ අලෙවි වී ඇති අතර එය සම්පූර්ණ ස්මාට්ෆෝන් අලෙවියෙන් සියයට හතරක අගයක් ගනියි.

චීනයට oppo දුරකථන නැව්ගත කිරීම් දී පසුගිය වසර වන විට සියයට 106 කින් ඉහළ ගිය අතර ඇපල් සමාගමේ  නැවුගත කිරීම් සියයට 21කින් පහළ ගොස් තිබේ.

oppo R9 ස්මාට්ෆෝනයේ ඡායාරූප කිහිපයක් පහතින්..

oppo-r9-02

oppo-r9-08