FAST NEWS

24×7 Around the Globe

සොරකමට ලක් වූ නොබෙල් ත්‍යාගය සමග සොරුන් මාට්ටූ වූ හැටී…

 

ඉන්දීය ක්‍රියාධරයෙකු ගේ නිවසකින් පසුගියදා සොරාගනු ලැබූ නොබෙල් ත්‍යාගය හමුවී ඇතැයි වාර්තා වේ.

මෙම ත්‍යාගය පසුගියදා සොරකම් කර තිබුණේ ළමා අයිතීන් ක්‍රියාධරයෙකු වන කයිලාශ් සත්‍යාර්ති ගේ නිවසෙන් වන අතර 2014දී ඔහු ලද නොබෙල් ත්‍යාගයට අමතරව නිවසේ තිබූ ආභාරණ හා පෞද්ගලික දෑ කිහිපයක් ම සොරකම් කර තිබුණි.

විදෙස් වාර්තා සඳහන් කරන පරිදි, නවදිල්ලි පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිය නිවසෙන් සොරකම් කරනු ලැබූ දෑ ඉක්මනින් සොයාගැනීමට කටයුතු කළ නවදිල්ලි පොලිසියට තමා බෙහෙවින් ස්තූතිවන්ත වන බව ඔහු මාධ්‍ය වෙත පවසා තිබේ.