FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩා කළ යුත්තේ කෙසේදැයි සනා චන්දිමාල්ට කියයි…

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රීඩා සමාජ මට්ටමින් ක්‍රීඩා කළ යුතු බවත්, ඔහු මානසික වශයෙන් ශක්තිමත් විය යුතු බවත් ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවැසීය.

සනත් මෙලෙසද වැඩිදුරටත් පවසන ලදි.
“ඔහු පරිගණක දත්ත විශ්ලේෂණයකට යා යුතුයි. කුමන ස්ථානයේ වරදක් සිදූ වී ඇත්තැයි සොයා බැලිය යුතුයි. මේ ඔහුට අමාරු කාලසීමාවක්. මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔබට එරෙහිව යන විට ඒ සියල්ලම පසෙකින් තබා ඔබ ඔබගේ ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.”