FAST NEWS

24×7 Around the Globe

සනත් ජයසූරිය ප්‍රමුඛ දෙදෙනා ඉල්ලා අස්වීම නැවත හකුළා ගනියි – හේතු මෙන්න

තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම දී තිබූ සනත් ජයසූරිය එම ඉල්ලා අස්වීම ඉල්ලා අස්කරගෙන ඇතැයි වාර්තා වේ.

එසේ ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී තිබූ තේරීම් කමිටු සෙසු සාමාජිකයින් වන රොමේෂ් කළුවිතාරණ, එරික් උපශාන්ත හා රංජිත් මධුරසිංහ යන තිදෙදෙනාද සිය ඉල්ලා අස්වීමේ ලිපි නැවත ඉල්ලාගෙන ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා තේරීම් කමිටු තීරණවලට ඇගිලිගැසීමෙන් වැලැකී සිටින බවට දුන් පොරොන්දුව මත සනත් හා සෙසු පිරිස සිය තීරණය වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බව පැවසේ.

කෙසේවුවද, සනත් මීට පෙරද තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අස්වීමේ ලිපිය ලබාදී නැවත හකුලාගෙන තිබිණි.