FAST NEWS

24×7 Around the Globe

තෙරපීමකින් 17කට මරු කැදවූ ඇන්ගෝලාවේ පාපන්දු තරඟය… (වීඩියෝ)

 

අප්‍රිකානු ඇන්ගෝලා රාජ්‍යයේ පාපන්දු තරඟයක් අතරතුර සිදුවූ තෙරපීමකින් ක්‍රීඩාලෝලීන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

උතුරුදිග ඇන්ගෝලාවේ උයිගේ නගරයේ 8000කට පමණ ඉඩකඩ සහිත ක්‍රීඩාංගණයට අති විශාල ජනකායක් පැමිණ සිටි අතර තෙරපීම සිදුවී ඇත්තේ ක්‍රීඩාංගණයට ඇතුළු වන දොරටුවේදිය.

ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ ක්‍රීඩාංගණය ක්‍රීඩාලෝලීන්ගෙන් පිරීයාමෙන් අනතුරුව ඊට ඇතුළුවීමට නොහැකි වූ පිරිසක් එහි දොරටුව බිඳ ඇතුළුවීමට උත්සාහ කිරීමේදී තෙරපීම සිදුවූ බවයි.

තවත් පුද්ගලයන් 60 දෙනෙකු පමණ මෙහිදී තුවාල ලබා තිබේ.

වීඩියෝව පහතින්..